නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීය වී තිබිම හේතුවෙන් අද දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.
ඒ අනුව අද රාත්‍රි 6.00 ත් 9.30ත් අතර කාලය තුළ එම විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ.
විනාඩි 45 ත් 30 ත් අතර කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවත් එලෙස විදුලි කප්පාදුව සිදුකෙරන ප්‍රදේශ නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහා කලේ.