නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන ධාරිතාව සම්පුර්ණ නොවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.
මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක් කිරීමේ කටුයුතු සහ අළුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුකරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ.
ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට පැය භාගයක් හෝ විනාඩි 45ක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.
වැඩිදුරටත් අදහස් දැක්වු සුලක්ෂණ ජයවර්ධන,
“3 වනදා දින ඇතිවූ බිඳවැටීමත් සමඟ පද්ධතියේ ජනන ධාරිතාව පිළිබඳව පසුගිය දින කිහිපය තුළ යම් ගැටලුකාරී තත්ත්වයන් අභියෝගයන් මතු වුණා. මේ තත්ත්වය තුළ සමහර දිනවලදී පැයක වගේ කාලයක් විදුලි සැපයුම සීම කිරීමක් ක්‍රියාත්මක කළා. කෙසේ නමුත් “ලක්විජය” ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3න අතුරින් ජනන යන්ත්‍ර දෙකක් පද්ධතියට සම්බන්ධවීමත් සමග ඒ විදුලි සැපයුම සීමාකිරීමේ තත්ත්වය ඉවත් කරනු ලැබුවා.
නමුත් යම් ප්‍රමාණයක අභියෝගයක් එල්ල වෙනවා විශේෂයෙන්ම “ලක්විජය” ගල්අඟුරු බලාගාරයේ තුන්වෙනි ජනන යන්ත්‍රයේ ධාරිතාවය යම් ප්‍රමාණයකින් අඩුකිරීමට සිදුවෙලා තිබෙනවා. ඒ එකේ තාක්ෂණික දෝෂයක් නිවැරදි කරමින් තිබෙන නිසා. ඒ තත්ත්වය තුළ සමහර අවස්ථාවල විශේෂයෙන් රාත්‍රී ඉහළ විදුලි ඉල්ලුම් කාලසීමව තුළ සමහර ප්‍රදේශවලට පැය බාගයකට ආසන්න කාලය විදුලි සැපයුම සීමා කිරීමක් ක්‍රියාත්මක කරන්න සිද්ධවෙනවා. කෙසේනමුත් මේ තාවකාලික තත්ත්වයක් ඒ ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු අවසන් වූ වහාම නැවතත් පද්ධතියට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරනවා. පැය බාගයක් විනාඩි 45ක් වගේ පද්ධතියේ අවශ්‍යතාවය අනුව තමයි මේ විදුලි සැපයුම සීමා කරන්නේ. විශේෂයෙන්ම කළමණාකරන කරගැනීම සඳහා අවශ්‍ය විදුලි ධාරිතාවය පද්ධතියේ නොමැති වුවහොත් පමණක්.”