කොළඹ කුලපති හිමියන්ගෙන් ජනපතිට පොතක්

December 21, 2021 at 2:10 PM

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජීනිවා පරාජයේ දෝංකාරය” කෘතිය අද  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමහතා  වෙත පිළිගැන්විණ.

 

ජීනිවා නුවර කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් කිරීමට විවිධ ජාත්‍යන්තර සංවිධාන ගන්නා ලද උත්සාහයන් පිළිබඳ මාධ්‍යවල පළ වන ප්‍රවෘත්ති අධ්‍යයනයෙන් සහ ජාතික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේදී ලද අත්දැකීම් පාදක කර ගනිමින් ආනන්ද හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

එමෙන්ම  හිටපු අමාත්‍යවරයෙකු වූ ගුණපාල තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් රචිත “දේශපාලනයේ සැඟවුණු කතා” ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ.