වෛද්‍යවරුන් හෙට වැඩ වර්ජනයක

December 20, 2021 at 5:24 PM

දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

නොවිසඳුනු ගැටලු 07ක් මුල් කරගනිමින් හෙට පෙරවරු 8 සිට මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා මාධ්‍යය වෙත කියා සිටියේ.

වෛද්‍යවරුන් වැඩ වරජනයේ නිරතවුවද සේවාවන්හි සුවිශේෂි බව සලකා මාතෘ රෝහල්, ළමා රෝහල්, පිලිකා රෝහල් හා වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක වල මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන අතර කොවිඩ් ප්‍රතිකාර සේවා හා කොවිඩ් එන්නත්කරණය කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.