රටේ අත්‍යාවශය භාණ්ඩ සඳහා විදේශ විනිමය නොමැති පසුබිමක ඇතැම් අමාත්‍යවරුන් විදේශ ගතවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අදහස් දැක්වුවා.
මේ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සිදුකළ ප්‍රකාශය,
” ඒ ඒ අයට විදේශ විනිමය ඇති. රටේ කිරිපිටි වලට, ගෑස් වලටයි, තෙල් වලටයි, බෙහෙත් වලටයි නැති උනාට ඒ අය බැංකු වලින් ගන්න ඇති එහෙම නැත්නම් සම්පාදනය කර ගන්න ක්‍රමයක් ඇති. නමුත් මම හිතන්නේ මේක දැන් නෙමේ කතා කරන්න තිබුණේ. මේ ආණ්ඩුව ස්ථාපනය කිරීමේදී මේ ගැන කතා කරන්න තිබ්බේ. ඒ විෂයන් පිලිබඳ දැනුම් තේරුම් තියෙන පිරිසක් ලංකර ගත්තා නම් අද මේ තියෙන තත්ත්වය එන්නේ නැහැ. ඒක පැහැදිලිවම පේනවානේ.. අපිත් අවුරුදු ගානක් ඇමතිකම් කළා.”