රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවයේ නියුතු සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල පැවසුවේ 2022 විසර්ජන පනතේ විධිවිධාන හා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ මත එලෙස විශ්‍රාම ගැන්වීමේ වයස දිර්ඝ කළ බවයි. එය ජනවාරි පළමු වනදා සිට බලාත්මක වනවා.
මේ වනවිට රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවයේ නියුතු සේවකයින් විශ්‍රාම ගන්වනු ලබන්නේ වයස අවුරුදු 57 දීයි. කිසියම් නිලධාරියෙකු වයස අවුරුදු 57 ඉක්මවා සේවයේ යෙදීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා සේවා දිර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව වයස අවුරුදු 62 ක් දක්වා සේවය කළ හැකි වනවා.
කෙසේවෙතත් වයස අවුරුදු 57 සිට 62 අතර කාලය තුළ නිලධාරියාගේ අභිමතය පරිදි පත්වීම් බලධාරියා වෙත මාස 3 ක පූර්ව දැනුම්දීමකින් අනතුරුව විශ්‍රාම ගත හැකි බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ.
මේ අතර රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් 2013 වසරේ ජනවාරි 15 වනදා රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ද අවලංගු වන බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල වැඩිදුරටත් සදහන් කළේ.