දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක් : දෙදෙනෙකු ජිවිතක්ෂයට

December 15, 2021 at 7:50 AM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය 18 වැනි කිලෝමීටර් කණුව අසල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

එලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පියෙකු හා දියණියෙකු බවයි වාර්තා වන්නේ.

මේ අතර එම අනතුරෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය වාර්තා කර සිටින්නේ.