චීන පොහොර නැවට වන්දි ගෙවන්න කැබිනට් යෝජනාවක්

December 14, 2021 at 9:49 AM

දෙපාර්ශවයටම පාඩුවක් නොවන ආකාරයට චීන කාබනික පොහොර තොගය සඳහා ගෙවීම් සිදු කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වනවා.

එම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්ලි විසිනි.

නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම කැබිනට් පත්‍රිකා දෙක ඉදිරිපත් කර තිබේ.

චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 08 කට ආසන්න මුදලක් ගෙවිමට අදාළ කැබිනට් පත්‍රිකා දෙකක් ඊයේ පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.