“ආසියාවේ රැජිණ” මැණික් ගලේ කතාව

December 13, 2021 at 11:52 AM

ආසියාවේ රැජිනලෙස නම් තබා ඇති ,ලොව විශාලතම නිල් මැනික යැයි දැනට උපකල්පනය කරන කිලෝ 310 ක් බරැති කුරුවින්ද හෙවත් කොරන්ඩම් කුලයේ, සජීවී තත්වයේ පවතින, මැනික් ගල බලන්ගොඩ ප්‍රදේශයෙන් සොයාගනු ලැබ ඊයේ දින ලොවට අනාවරණය කරනු ලැබීය.ඒ ශ්‍රී ලංකාවේ හොරණ ප්‍රදේශයේදීය.

මෙම මැනික් ගල, මැණික් හා සම්බන්ද පුද්ගලික සමාගමක හිමිකරුවන් 5 දෙනෙකු සතු වනවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පරීක්ශන වලින් අනතුරුව ස්වාභාවික කොරන්ඩමයක් ලෙස තත්ව සහතිකයක් මෙම ගලට ලැබී තිබීම සුවිශේෂී කාරනාවකි.

මෙම ගල ස්වභාවික, සජීවී තත්වයේ පවතින අතර මෙය තවදුරටත් ඔපමට්ටම් කලහොත් තැනින් තැන මතුව ඇති දීප්තිමත් නිල් පැහැය හොදින් මතුවෙනු ඇති බව මැනික් පිලිබද එය පරීක්ෂා කල මැනික් විද්‍යාඥයින්ගේ ඒකමතික මතයයි.

මෙම වර්ගය් මැනික් ශ්‍රී ලංකාවෙන් පමනක් හමුවීමද විශේෂත්වයකි. මැනික් පිලිබද විද්‍යාඥ ආචාර්‍ය දුනිල් පාලිත මහතාද ජනමාද්‍ය හමුවේ කියා සිටියේ මෙම මැනික් ගල ලංකාවෙන් හමුවූ සුවිශේෂී මැනික් ගලක් බවත් ඒ තුල ඉතා සුපැහැදිලි සෆායර් වර්ගයේ අධික මිල ඇති ගල් ප්‍රදේශ පැවතිය හැකි බවත්ය. එසේම මෙය තනි ගලක් ලෙස වර්ධනය වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා, දෙනු ලැබිය.

දෙස් විදෙස් ජනමාධ්‍ය මේ අවස්තාව ආවරනය කල අතර මෙහි හිමිකරුවන් පස් දෙනාගේම ඒකමතික තීරණය වන්නේ ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දෙමින්ම, මෙම මැනික් ගල වැඩිම වටිනාකමක් අත්කර ගැනීමට කටයුතු කිරීමයි. ඒ සදහා දෙස් විදෙස් ආයෝජකයන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටී.