රථ වාහන හිමියන්ට විශේෂ දැනුම් දීමක්

December 8, 2021 at 3:29 PM

කොළඹ ඇතුළු තදාසන්න නගරවල රථ වාහන තදබදයක් ඇති වන අයුරින් පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක් අද සිට ආරම්භ කර තිබේ.

පදික වේදිකාවෙහි ගමන් කරන ජනතාවට බාධා වන අන්දමින් සහ රථ වාහන තදබදයක් ඇති වන අයුරින් වාහන නතර කරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ඒ අනුව මෙම මෙහෙයුම ආරම්භ කර තිබෙන බවයි පොලීසිය සඳහන් කර සිටියි.

පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහනවල රියදුරන් එම ස්ථානයේ සිටියහොත් ඔවුන්ට දැඩිව අවවාද කරන බවත් එසේ රියදුරන් නැති අවස්ථාවලදී අදාළ රථය පොලිස් ස්ථානය වෙත ගෙන යාමට කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.