ඉන්දීය ආරක්ෂක ප්‍රධානියා රැගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි (PHOTO)

December 8, 2021 at 2:24 PM

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබු යුද හමුදාවට අයත් හෙලිකොප්ටරයක් ​​තමිල්නාඩුවේ, කුනූර් ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව වාර්තා වනවා.

මෙම හෙලිකොප්ටරය අනතුරට ලක්වන අවසථාවේදී ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ගේ පවුලේ සමිපතයින් කිහිප දෙනෙකු ද එහි සිට ඇති බව සඳහන්.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Mi-17V5 වර්ගයේ හෙලිකොප්ටරයක් බව සඳහන්.

අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර අනතුරෙන් කිසිවෙකු හෝ ජිවිතක්ෂයට පත්ව ඇත්ද යන්න මෙතෙක් කරුණු අනාවරණය වී නොමැත.