කථානායක ගෙන් විශේෂ කමිටුවක්

December 8, 2021 at 11:24 AM

පසුගිය 3 වැනි දා සහ 4 වැනි දා පාර්ලිමේන්තු සභාගර්භය තුළ සහ පරිශ්‍රයේ සිදු වූ සිද්ධීන් සොයා බැලීම සඳහා නියෝජ්‍ය කතානායක, රංජිත් සියඹලාපිටියගේ සභාපතීත්වයෙන් 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පත් කර තිබෙනවා.

අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමේ දී කතානායකවරයා දැනුම් දුන්නේ, අදාළ කමිටුව විසින් ඊට අදාළ ව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවයි.

මේ අතර ඉකුත් දින දෙකේදී පාර්ලිමේන්තුව වර්ජනය කළ සමගි ජනබල වේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් අද දිනයේදී සභා වාරයේ කටයුතු සඳහා පැමිණ සිටියා.