NRFC ගිණුම් සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්

December 7, 2021 at 10:34 PM

විදේශ ගතව සිටින ශ්‍රමිකයින් විසින් මෙරටට සිය මුදල් එවීම සඳහා යොදා ගනු ලබන NRFC ගිණුම්වල ඇති විදේශ මුදල් අද මධ්‍යම රාත්‍රිය වන විට රුපියල් වලට මාරු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර ඇති බවට පලවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

සමාජ මාධ්‍ය තුළ අද දිනයේදී පලවූ මෙම වාර්තා සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කර සිටියා.