වයඹ පළාත් ආණ්ඩුකාරවරයා අභාප්‍රාප්ත වේ

December 7, 2021 at 7:05 AM

කොවිඩ් වෛරසය ආසාදනයව සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට එතුමා 83 හැවිරිදි වියේ පසුවූවා.

ඉකුත් දෙසැම්බර් 03 වෙනිදා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.

ඉන් පසුව රාජා කොල්ලුරේ මහතා රෝහල් ගත කරනු ලැබූ අතර එලෙස කොව්ඩ් වෛරසයට ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.