පාකිස්තානයේ, සියල්කොට් ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ඉකුත් සිකුරාදා අමානුෂීය ලෙස පහර දී ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකික කළමනාකරු ප්‍රියන්ත කුමාරගේ මහතාගේ මළසිරුරේ අවශේෂ අද මෙරටට ගෙන එනු ලැබුවා.
අද දින සවස 05.10ට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එම දේහයේ අවශේෂ කොටස් රැගෙන විත් ඇති බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.