පැය 06කට පසුව සමස්ත දිවයිනේම විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටිනවා.
ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් අද පෙරවරු 11.30ට පමණ මුළු දිවයිනේම විදුලි බලය බිඳ වැටීමකට ලක්වුවා.
මේ අතර තමන්ට තවමත් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් නොවූ බවට ද ඇතැම් විදුලි පාරිභෝගිකයින් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටහන් තබා තිබෙන අයුරු දක්නට ලැබෙනවා.