නව මන්ත්‍රීවරයෙකු දිවුරුම් දෙයි

December 1, 2021 at 11:09 AM

මහින්ද සමරසිංහ ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා අද (01) දිනයේ නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙනු ලැබුවා.

අද උදෑසන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කළුතර මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජු ලලිත් වර්ණකුමාර එලෙස නව මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය ඉදිරියේ දී.