ලබන වසරේ සිට විදුලි බස් රථ සේවාවක් අරඹන්න සුදානම් වෙයි

November 30, 2021 at 1:45 PM

නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ පැවති 14 වැනි ජාතික පරිසර සභාවේ සැසි වාරයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ, නාගරික ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙසයි.

විදුලි බලයෙන් ක්‍රියා කරවන වාහන හඳුන්වා දීම මඟින් මෙරට වායු දූෂණය යම් තරමකට අඩු වන අතර, විදුලි බලයෙන් ක්‍රියා කරවන බස් රථ ද ලබන වසරේ සිට ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා එහි දී සදහන් කර තිබෙනවා.