ඔමික්‍රොන් ! අති ප්‍රබල ලෙස පැතිරෙයි! ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

November 29, 2021 at 3:00 PM

පසුගිය 24 වැනිදා දකුණු අප්‍රිකාවෙන් හඳුනාගන්නා ලද ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය අති ප්‍රබල ගෝලීය අවදානම් තත්ත්වයක් මතුකල හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

එම වෛරස ප්‍රභේදය ආශ්‍රිතව විකෘතිතා විශාල ප්‍රමාණයක් හට ගන්නා බැවින් එය ව්‍යාප්ත වීමේ අවදානම ඉහල බව පෙන්වා දී තිබේ.

ලොව පුරා රටවල් වහාම ජාත්‍යන්තර සංචාරක මාර්ගෝපදේශ කාලානුරූපීව යා වත්කාලීන කරගතයුතු බව එම සංවිධානය නිකුත් කළ මෙම නවතම නිර්දේශ මාලාවේ දැක්වේ.

“සමස්ත ඇගයීම අනුව මෙම නව වෛරස ප්‍රභේදය ඉතා දරුණු ගෝලීය අවදානමක් ලෙස දැක්වීමට හැකි ” බව ලෝක සෞඛ්‍ය එහි සඳහන් කර ඇත.

මේ වනවිට රටවල් ගණනාවක්ම සිය ජාත්‍යන්තර සංචාරක සීමාවන් යලි බලාත්මක කර ඇති අතර ජපානය ද අද සිට එරට ගුවන් ගමන් අත් හිටුවීමට පියවර ගන්නා ලදී.