විදුලි උදුන් සඳහා ඇති ඉල්ලුම ඉහළට

November 29, 2021 at 9:19 AM

ගෑස් මිල ඉහල යාමත් සමග විදුලි උදුන් සඳහා පවතින ඉල්ලුමද ඉහල ගොස් තිබෙනවා.  ගෘහ විදුලි උපකරණ අලෙවි කරන බොහෝ වෙළදසැල්වල විදුලි උදුන් අලෙවිය ගෑස් මිල ඉහල දැමීමත් සමග සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බවයි අනාවරණ වුණේ.

ගෑස් මිල ඉහල යාමත් සමග පසුගිය කාල සීමාවේදී භුමිතෙල් උදුන් සඳහාද ඉහල ඉල්ලුමක් පැවතුණා.

මෙලෙස විදුලි උදුන් සඳහා පවතින ඉල්ලුම ඉහල යාමත් සමග ඉදිිරියේදී දෛනික විදුලි පාරිභෝජනයද විශාල ලෙස ඉහල යා හැකි බවයි විශේෂඥයින් මත පළ කරන්නේ.

ඊට හේතුව වන්නේ විදුලි උදුනක් සඳහා වොට් 2000 කට ආසන්න ප්‍රමාණයකට විදුලිය වැය වීමයි.