ලබන සඳුදා සිට කොත්තු පාර්සලයක මිල රුපියල් 10/= කින් හා කෙටි කෑම (Short Eats) වර්ගවල මිල රුපියල් 5/=කින් ඉහල දැමේ.
සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන් ගේ සංගමය පවසන්නේ පවතින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහල යාම සහ ආහාර අමුද්‍රව්‍ය මිල ඉහල යාම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
මේ අතර වෙළෙඳපලේ තිරිඟුපිටි හිගයක්ද වාර්තා වේ.
පිටකොටුවේ තොගවෙළෙඳුන් සඳහන් කරන්නේ සෙරෙන්ඩිබ් සහ ප්‍රිමා සමාඅගම් වලින් ඉල්ලිමට අවශ්‍ය සැපයුමක් නොලැබෙන බවයි.
මේ අතර සෙරෙන්ඩිබ් සමාගමේ තිරිඟුපිටි මිල හෙට සිට ඉහල දැමෙන බවටත් වාර්තා පල වේ.
පිටකොටුවේ ඇතැම් වෙළෙඳුන් තිරිඟුපිටි කිලෝවක් රු .17කින් ඉහලදමා ඇති බවත් සිල්ලර වෙළෙඳුන් පවසති.