පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

November 28, 2021 at 9:07 AM

තිරිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබෙනවා.

මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් සිදුකරන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ.

තිරිඟු පිටි මිල ඊයේ දිනයේ සිට ඉහළ දැමීමට සමාගම් පියවර ගෙන ඇති අතර බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැයද මේවන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසන්නේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රැස්වී තීරණයක් ගෙන ඇති බව වාර්තා වන්නේ.

ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල හෙට දිනයේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රකාශයක් සිදුකරන බව එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ.