දකුණු අප්‍රිකාවෙන් ව්‍යාප්ත වන ඔමික්‍රොන් ,කොවිඩ් වෛරස ප්‍රභේදය එතරම් බරපතළ නොවන මට්ටමේ එකක් බවට දැනට සොයාගෙන තිබේ.
දකුණු අප්‍රිකාවේ වෛද්‍ය සංගම් ප්‍රධානී ඇන්ජලික් කොඑට්සී පවසන්නේ එය දින දෙකකින් පමණ රෝගලක්ෂණ පහව යන රෝග තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති බවයි.
වෙනත් කොවිඩ් වෛරස මෙන් මෙහිදී ගඳ සුවඳ නොදැනීමක් හෝ රසය නොදැනීමක් ඇති නොවේ.
රෝගලක්ෂණ :
මස් පිඬු වේදනාව
සුළු කැස්ස
” මේ වන විට රෝහල් ධාරිතාව ඉක්මවීම වැනි බරපතල තත්ත්වයක් වාර්තාවන්නේ නැහැ. බොහෝ දෙනාම ප්‍රතිකාර ලබන්නේ නිවෙස් වල, එන්නත් ලබාගත් අය මීට ගොදුරු වීමක් නැති තරම්. නමුත් විශේෂත්වය රෝගීවූ අය වයස අවුරුදු 40 හෝ ඊට අඩු අය වීමයි.”
කොඑට්සී මහත්මිය ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ එලෙසිනි.
කෙසේවෙතත් මෙහි නිවැරදිම තත්ත්වය වටහා ගත හැක්කේ සති දෙකකින් බවද ඇය පවසා ඇත.