වැලිකන්ද කතගේ මරණය : ගෑස් පිපිරීමකට සම්බන්ධ නැති බව පොලිසිය කියයි

November 26, 2021 at 8:09 PM

පොළොන්නරුව, වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ ගෑස් සිලින්ඩරයක් පිපිරී, 19 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවල ලබා මියගිය බවට පළවන වාර්තාව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ වාර්තාවේ සඳහන් වන්නේ, අදාළ කාන්තාව සිය සිරුරුට ගිනි තබා ගැනීමක් මගින් මෙම මරණය සිදුව ඇති බවයි.

සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ගෑස් ලිප, ගෑස් සිලින්ඩරය හෝ රෙගුයලේටරයේ වයරය ගැලවීමක් මගින් හෝ පිළිස්සීමක්, උණුවිමක්, හේතුවෙන් සිදුවූ ගිනි ගැනිමක නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.