මුහුද ගොඩකර සත්ව උද්‍යානයක් සෑදීමෙන් ද ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය සොයා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා පළකරන ලද අදහස් පහතින්..
“අපේ රටට මුදල් හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා. යාපනයේ තියෙනවා දුපත් ගණනාවක්, ඒ එක දුපතක අපට පුළුවන් පැරඩයිස් අයිලන්ඩ් එකක් නිර්මාණය කරන්න පුලුවන්. ලෝකේ මුදල් නාස්ති කරණ, විනෝදවෙන ඕන තරම් පිරිසක් ඉන්නවා අපිට වඩා සල්ලි තියෙන. ඒ ගොල්ලන්ට හිතුමතේ මුදල් වියදම් කරලා එන්න පුළුවන් අයිලන්ඩ් එහෙක එවැනි වූ පරිසරයක් නිර්මාණය කලොත්. ඒක අපේ සංස්කෘතියට බාධාවක් වෙන්නේ නෑ, මොකද රටින් එපිට තියෙන්නේ. තවත් අදහසක් ඉදිරිපත් කරනවා. අපිට පුළුවන් පෝට් සිටිය වගේ තවත් මුහුද ගොඩ කරලා Zoo එකක් හදන්න. අපි දෙහිවල සත්ව උද්‍යානයේ සත්තු හිර කරන් ඉන්නවාට වඩා අපිට මුහුදේ සත්ව උද්‍යානයක් හැදුවොත් ඒක තමයි ලෝකේ පළවෙනි මුහුදේ මිනිස්සු විසින් නිර්මාණය කරපු සත්ව උද්‍යානය. අන්න ඒ වටිනාකම බලන්න. සංචාරකයෝ බොහෝ දෙනෙක් අපේ රටට එයි. එතකොට අපේ රටට මුදල් ඉපැයීම ප්‍රශ්නයක් නොවෙයි” ,මන්ත්‍රීවරයා කියා සිටියා.