මාතර වැලිගම වරකා පිටියේදී පසුගිය සැප්තැම්බර් 4 වැනිදා මරාදැමූ සන්ශයින් සුද්දා හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවා ගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අද කලුතර දී පොලිස් වෙඩිපහරින් මිය ගොස් ඇත.
හේවාලුණුවිලගේ ලසන්ත නම් මොහු තවත් අපරාධ ගණනාවකට පොලීසිය ට අවශ්‍යව සිටි අයෙකි.
කලුතර දියගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු විසින් සැඟවූ අවි පෙන්වීමට යාමේදී අත් අඩංගුවෙන් මිදී පලායාමට තැත් කර ඇත්තේ පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කරමිනි.
ඒ අවස්ථාවේ දී ඔහු ප්‍රති ප්‍රහාර වලින් තුවාල ලබා මියගිය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇත.
ඡායාරූපය : සන්ශයින් සුද්දා ගේ ඝාතනය