වර්තමානයට ගැලපෙන පරිදි මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනය කර ඊට අදාළ ප්‍රතිපත්ති හා ආචාර්ය ධර්ම සැකසීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසුණේ ඊට අදාළව නීති වෙනස් කිරීම සඳහා අත්දැකීම් සහිත පුද්ගලයන්ගේද නියෝජනයක් සහිත කමිටුවක් පත් කිරීමට නියමිත බවයි.
ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශවල මෙන්ම අලෙවිකරණ, අධ්‍යාපනික, නීති, පරිපාලන, ආර්ථික වැනි ක්ෂේත්රයන් නියෝජනය කරන කිහිප දෙනෙකු මෙම කමිටුවට ඇතුළත්වනු ඇති.
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරන්නේ ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්රයේ ගෝලීය වර්ධනය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්රමිතිකරණය සඳහා පවතින අණ පනත්, අන්තර්ජාතික අණ පනත්, ජාතික හා අන්තර්ජාතික මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය වැනි දෑ සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාවලිය සිදුවන බවයි.
මෙමගින් ඉහළ වෘත්තීය නිපුණතාවයක් සහිත මාධ්‍ය වෘත්තිකයන් බිහිකිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය භාවිතය සහ හැසිරීම පිළිබඳ දැනුම, ඩිජිටල් තාක්ෂණයට අනුගතවීම වැනි ක්ෂේත්රයන් කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතයි.