දීපව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාදාමයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය සේවයේ වෛද්‍ය නොවන වෘත්තීය සේවාවන් තුනක වෘත්තීය සමිති තීරණය කර ඇත.
මේ අනුව (24) පෙරවරුවේ ආරම්භ වන සංකේත වැඩ වර්ජනය පැය 48ක් , එ නම් දින දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
සමස්ත ලංකා හෙද සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කළේ දිවයින පුරා සියලු රෝහල් මෙන්ම මහජන සෞඛ්‍ය පද්ධති වල සේවාවන් මේ අනුව අඩාල වනබවයි.
හෙද සේවය, අතුරු වෛද්‍ය සේවය සහ පරිපූරක වෛද්‍ය සේවය ට අයත් වෘත්තීය සංගම් මීට එක් වීමට නියමිතය.