මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට දැඩි අවවාද (VIDEO)

November 23, 2021 at 12:18 PM

කාන්තා පාර්ශවයට අපහාස සිදු වන ප්‍රකාශ සිදු කිරීමෙන් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චිට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස අවවාද කළා.

ඒ, එම මන්ත්‍රීවරයා පසුගිය සෙනසුරාදා අයවැය කතාවේ දී සිදු කළ ප්‍රකාශයක් තුළින් කාන්තා පාර්ශවයට අපහාසයක් සිදු වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න ඊයේ නැගූ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

දිගින් දිගටම මෙවැනි කටයුතු සිදුවන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ කටයුතු කිරීමට තමන්ට සිදුවන බවයි කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කථානායකවරයා දැඩි තීන්දුවකට එළඹිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සභා ගර්භය මධ්‍යයට පැමිණ කෙටි වේලාවක් විරෝධය පළ කරනු ලැබුවා.