කෘෂිකර්මාන්තය සඳහා යොදා ගනු ලබන රස ද්‍රව්‍ය අන්තර්ගත වන පලිබෝධ නාශක ද්‍රව්‍ය 05ක් තහනම් කරමින් 2014 වර්ෂයේදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් ලෙස හඳුන්වනු ලබන සක්‍රිය රස ද්‍රව්‍ය අන්තර්ගත වන පලිබෝධ නාශක ද්‍රව්‍ය විකිණීම සහ භාවිතය තහනම් කරමින් 2014 දෙසැම්බර් මස 22 වෙනිදා අති විශේෂ ගැසට් නිවේනදයක් නිකුත් කරනු ලැබුවා.
එම ගැසට් නිවේදනය අනුව අනුරාධපුරය, පොළොන්නනරුව, කුරුණෑගල, මොණරාගල, දිස්ත්‍රික්ක තුල හා බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය, රිදිමාලියද්ද සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල මෙම පළිබෝධනාශක ද්‍රව්‍ය විකිණීම හා භාවිත කිරීම තහනම් කරනු ලැබුවා.
එම අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අද දිනයේදී නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදන පහතින් දැක්වේ..