ශ්‍රි ලංකා – බටහිර ඉන්දීය ටෙස්ට් තරඟය හේතුවෙන් ගාලු කොටු පවුරේ කොටසක් සංචාරයින්ට තහනම් (PHOTOS)

November 22, 2021 at 10:30 AM

ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි  ආරම්භ විමත් සමග ගාල්ල කොටු පවුර නැරඹිමට  පැමිණි  සංචාරකයින්  පොලිසිය විසින් අද (21) ආපසු හරවා යවන ලදී

මේ නිසා දේශිය මෙන්ම විදේශිය සංචාරකයෝ විශාල පිරිසක් අපහසුවට පත්ව සිටිය බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඈත පළාත් වලින් පැමිණි දේශිය සංචාරකයින් මෙන්ම විදේශිය සංචාරකයින් බොහෝ දෙනෙකුටද මේ නිසා ඊයේ කොටු පවුර මතට ගොඩවිමට නොහැකිවු අතර මේ සම්බන්ධයෙන් රැකවලෙහි සිටි පොලිස් නිලධාරියෙකුගෙන් විමසුවිට කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා අතර උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉදිරිපස කොටු පවුර මතට කිසිවෙකුටත් යාමට ඉඩ නොදෙන බවයි.

පිට පළාතක සිට පැමිණි දේශිය සංචාරකයින් පිරිසක් කියා සිටියේ තම දරුවන්ද සමග ගාලු කොටුව නැරඹිමට පැමිණියත් මෙම ස්ථානයට යෑමට පොලිසිය ඉඩ ලබා නොදුන් බවයි.

මේ අතර විදේශිය සංචාරකයින් පිරිසක්ද කියා සිටියේ තමන් ලංකාවට ආවේ ලංකාවේ සුන්දරත්වය නිසා වුවත්  කොටු පවුර මතට යාමට ඉඩ නොදුන් බවය. එය ඉතා අප්‍රසන්න ක්‍රියාවක් බවද සංචාරකයෝ පැවසුවේ.

මෙයට අමතරව මංගල ඡායාරුප ගැනිමට පැමිණි යුවල කිහිපයක්ද ආපසු හැරි ගිය අතර ඡායාරුප ශිල්පින් පැවසුවේ වෙනදා මෙන් ඡායාරුප ගැනිමේ බලාපොරොත්තුවෙන් පැමිණියත් පොලිසිය ඉඩ ලබා නොදුන් බවය.

මේ සම්බන්ධයෙන් ගාලු උරුමය පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසුවිට කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කර නොමැති බවය.

(ෆර්හාන් නිසාම්දින් – ගාල්ල)