තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හඳුනා ගැනේ

November 19, 2021 at 1:12 PM

ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ ෙසෙල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මේ වන විට සොයා ගෙන ඇති නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 බවයි ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියේ.

මිට පෙරද මෙරටින් ඩෙල්ටා අනු ප‍්‍රභේදයක් හඳුනා ගනු ලැබූ අතර එය හඳුන්වන්නේ B.1.617.2.287ලෙසයි.

සිදුකරන ලද නවතම ජාන විශ්ලේෂණ වාර්තාවක් අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකාවට ආවේනික ඩෙල්ටා අනු ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙනවා. 

AY 104 අනු ප්‍රභේදය අපි පළමුවෙන්ම හඳුනා ගත්තේ ඉකුත් ජුලි මාසයේදී. එහි නාමකරණය ලැබීම කල් ගත වෙනවා. ඒ අනුවයි අද දිනයේදී අපි මේ සම්බන්ධයෙන් නිවේදනය කලේ. මේ අනු ප්‍රභේදය වැඩියෙන්ම වාර්තා වුනේ උතුර, උතුරුමැද සහ දකුණු පළාත තුලින්.

ඩෙල්ටා ප්‍රභේදයේ අනු ප්‍රභේද නිසා කොවිඩ් ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල වෙනස්කමක් හෝ පැතිරවීමේ හැකියාවක් පෙන්නුම් කරන්නේ නැහැ” යැයි ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියා.