පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ එක මංතීරුවක් අද මධ්‍යහන 12 න් පසුව විවෘත කරන බව බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ වෙතත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
“මේ දින කිහිපයේ දී ම පැවති අයහපත් කාලගුණික තත්ත්වය එක්ක, තද වර්ෂාව සමග මෙම මාර්ගයේ සුළු නායයෑමේ තත්ත්වයක් සමග මාර්ගය වසා දැමීමට සිදුවුණා. ඒ අනුව ජාතිය ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදුකළ පර්යේෂණ ඇතුළු සියලු දේ සැලකිල්ලට ගෙන මාර්ගය පරීක්ෂා කර, අපි අද දවල් 12 සිට මේ මාර්ගය මහජනතාවගේ භාවිතය සඳහා විවෘත කරනවා.
එක් මංතීරුවක් පමණක් මේ වෙලාවේ දී. මොකද ඉදිරියේ දී මෙහි තව තව කටයුතු පැහැදිලි කරයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය. අපි 12 වෙනකොට එක් මංතීරුවක් අපි විවෘත කරනවා. සැහැල්ලු වාහන කියලා නෑ අපි ඔක්කෝටම පාර විවෘත කරනවා. මාර්ග තදබදය අවම කිරීම සඳහා බොහෝ වෙලාවට මෙයට සමාන්තරව හඳුන්වා දී තිබු විකල්ප මාර්ගත් භාවිත කරනවා නම් හොඳයි.” මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.