සමගි ජනබල වේගය පක්ෂය විසින් ඊයේ දිනයේදී කොළඹ දී සංවිධානය කර තිබු විරෝධතා පාගමනට පොලිසිය විසින් බාධා එල්ල කිරීමට විරෝධය පළකරමින් එම පක්ෂය අද පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවයක් සිදුකරනු ලැබුවා.
අයවැය විවාදයට එක්වෙමින් සමගී ජනබල වේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් සඳහන් කර සිටියේ ඊයේ දිනයේදී පොලිසිය විසින් සිය පක්ෂයේ විරෝධතා පාගමනට එරෙහිව සිදුකළ ක්රියාවන් නිසා තමන්ට රටපුරා විරෝධතා රැසක් සිදුකිරීමට අවස්ථාව උදාවූ බවයි.
එමෙන්ම කොළඹ පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට එක්වීමට පැමිණි විරෝධතාකරුවන්ට බාධා එල්ල කිරීම් සම්බන්ධයෙන් ඔවුන් විරෝධතා පුවරු පාර්ලිමේන්තු සභා ගර්භයේ ප්රදර්ශනය කරන්නට යෙදුනේ මේ අයුරින්ය..