කොළඹ පැවැත්වූ විරෝධතා රැළියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට සඳහන් ලිපියක් විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිට දමා ගිය පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා,
විපක්ෂ නායකවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් කුරුඳුවත්ත පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවල දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව පැවසුවේ.
“නොවැම්බර් මස 9වන දින ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන ආරක්ෂ නිලධාරීයා විසින් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විපක්ෂ විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිට ට පැමිණි පුද්ගලයෙකු විසින් කොළ කැබැල්ලක යමක් ලියා එහි දොරටුවේ සිටි පුද්ගලයෙකුට ලබාදී පිටව ගොස් තිබෙන බව වාර්තා කර තිබුණා. එම කොළ කැබැල්ල පරීක්ෂා කිරීමේදී නොවැම්බර් මස 16 කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා රැළියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බව එහි සඳහන්ව තිබුණා. ඒ වගේම ඒ පිළිබඳව තොරතුර යම්කිසි බස්රථයකින් ලබාගත හැකි බවත් සඳහන්ව තිබුණා. මේ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා පොලිස්පතිතුමා විසින් කොළඹ අපරාධ කොට්ඨසයට භාර දෙනු ලැබුවා. අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන පවත්වා එම කොළ කැබැල්ල රැගෙනවිත් භාර දුන්න පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා. මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වෙන්නේ එම පුද්ගලයා මන්දමානසික රෝගී තත්ත්වයකින් පෙළන අයෙකු බවයි.”
අත්අඩංගුවට ගත් සැකකරු මන්දමානසික රෝගියෙකු බවට හඳුනාගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.