මේ දිනවල ආණ්ඩුව සමග රණ්ඩු වෙමින් සිටින්නේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමට බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
සියමැතිවරණ ව්‍යාපාරයේ පොරොන්දුවක් වූ මනාප සංඛ්‍යාව ට සමාන පැළ සිටුවීමේ වැඩසටහන අරඹමින් ඔහු මේ බව පැවසීය.
ඒ මහතා මැතිවරණයේ දී ලබාගත් මනාප 1,36336 ට සමාන පැළ සිටුවීම ඊයේ මුතුරාජවෙල දී ආරම්භ විය.
එහි දී අදහස් පළකළ අමාත්‍ය වරයා.
“මම පරිසරවේදියෙක් වෙලත්, මට ලැබී තියෙන්නේ දෛවෝපගත ලෙස වැඩිපුරම පරිසරය දූෂණය වන අමාත්‍යංශය . නමුත් දොස්තරලා සිටිය යුත්තේ ලෙඩුන් සමග වන නිසා ඒ අර්ථයෙන් මට මේ අමාත්‍යංශය ලබාදුන්නා විය හැකියි.”
“අපි මේ දවස් වල ආණ්ඩුව එක්ක රණ්ඩු වෙනවලු. ඔව් ..ඒ මැතිවරණ පොරොන්දුවක් ඉටුකරන්න. අපි 2020ජූනි 18 ,මමයි විමල් වීරවංශ මහතායි ජනතාව ට ලිඛිතව පොරොන්දු වුණා ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු වලට පිටින් යනවා නම් ආණ්ඩුව ඇතුලේ විපක්ෂය විදියට කටයුතු කරමින් විරෝධය දක්වන බවට ,
“අපි 20වැනි සංශෝධනය අවස්තාවේ දීත්, නැගෙනහිර ජැටිය සම්බන්ධයෙනුත් මේ දවස් වල යුගදනවි ගිවිසුම සම්බන්ධයෙනුත් කටයුතු ක්රන්නේ ඒ අනුවයි”