ජනවාරියේ සිට මත්පැන් ,දුම්වැටි , සූදු සහ දුරකථන සේවා සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්ද

November 13, 2021 at 6:54 AM

පසුගිය අයවැය මගින් යෝජනා  කර ඇති , දැනට කෙටුම්පත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු  ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන්නැයි මුදල් අමාත්‍ය වරයා යෝජනා කරයි.

මෙය අදාල වන්නේ මත්පැන්  දුම් වැටි ,විදුලි සංදේශ සේවා සහ සූදු සඳහා සහ තවත් ක්ෂෙත්‍ර කිහිපයකට බව මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ අයවැය ඉදිරිපත් කරමින් කියා සිටියේය.

2020 ජනවාරි මාසයේ හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය අඛණ්ඩය ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන බව ද අයවැය යෝජනාවලදී කියැවිණි. සියයට 8ක් වු වැට් බද්ද දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර මත්පැන්, දුම්වැටි, රථවාහන, සූදු, දුරකථන සේවා සඳහා නව විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට ද පියවර ගැනේ.

-2021 අයවැය යෝජනා

අදාල පනත්කෙටුම්පත සඳහා නීතිකෙටුම්පත් උපදේශන ලබාදීම සඳහාද  කැබිනට් අනුමැතිය ද පසුගිය මාර්තු මාසයේ ලබා දී ඇත.