ප්රවීන ගායකයකු, සංගීත අධ්යක්ෂවරයකු, රංගන ශිල්පියෙකු වන ලක්ෂ්මන් විජේසේකර මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට 73වැනි වියේ පසු වූ ඔහු දශක හතරකට අධික කාලයක් මෙරට සංගීත ක්ෂේත්රයට සුවිශේෂී නිර්මාණ රැසක් බිහිකිරීමට පුරෝගාමියෙකු වුවා.
කලක් තිස්සේ අසනීප තත්වයේ පසු වූ විජේසේකර මහතා මියයන විට රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටියා.
ලක්ෂමන් විජේසේකරගේ දේහය මහජන ගෞරවය උදෙසා හෙට (13) දින ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතයි.