කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කරන රියැදුරන්ට දැනුම් දීමක්

November 12, 2021 at 12:37 PM

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ (E 01) පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස නොවැම්බර් 14 වන දින උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා තැබේ.

ඒ සඳහා විකල්ප මාර්ග ලෙස කොළඹ – නුවර මාර්ගයත් (A1), කොළඹ – මීගමුව මාර්ගයත් (A3) භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී සිටිනවා.