මෙම සතියට අදාළ කැබිනට් මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. මිට පෙර කැබිනට් මණ්ඩල රැස්වීම සෑම සතියකම සඳුදා දින පස්වරුවේ පවත්වනු ලැබුවා.
නමුත් මේ සතියේදී කැබිනට් මණ්ඩලයේ රැස්වීම අද දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ අයවැය පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඊට අනුමැතිය ලබාදීම සඳහා මෙසේ කැබිනට් රැස්වීම අද පෙරවරුවේ යොදාගෙන ඇති බවයි.