තවත් මන්ත්‍රීවරයෙකුට කොරෝනා

November 11, 2021 at 11:19 AM

දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාලර්ස් නිර්මලනාදන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව තමාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ.

මේ වන විට තමා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ද චාල්ර්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.