මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ. ජී. පියතිස්ස සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පසුගිය දා පැවති ගුරු-විදුහල්පති හා දෙමාපිය විරෝධතාවයක් අතරතුරදී එම ස්ථානය ගොස් එහි සිටි පිරිසට බැණ තර්ජන කිරීම හේතුවෙන්.
පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් අදාළ සිද්ධිය සමථයට පත්කර සිටියා. එම විරෝධතාවය ඉකුත් 03 වෙනිදා මාවනැල්ල, මෙඩේරිගම මහා විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා.
අත්අඩංගුවට ගනු ලැබූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුලු කණ්ඩායම අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.