දැනට සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකට නිදහස දෙනවා නම් තමා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්රී හරීන් ප්රනාන්දු පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර සිටියා. තමා මේ කතා කියන්නේ ගම්පහින් ඡන්ද ගැනීමේ අදහසින් නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
“මා මෙහි ආවේ හදවත් සැත්කමකින් අනතුරුවයි. අප ධනාත්මක විවේචන කරන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්වන්නයි.මුතුරාජවෙල සිදුවීම ගැන ආණ්ඩුවේ මන්ත්රීවරුන් දෙන්නෙක් ද කතා කරනු මා දුටුවා.ඒ ගැන මගේ හිතේ ගෞරවයක් තිබෙනවා.
රන්ජන් රාමනායක මහතාට නිදහස දෙනවා නම් මා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්. මා මේ කතා කියන්නේ ගම්පහින් ඡන්ද ගන්න නොවේ.
සහරාන්ගේ නෝනා කළ ප්රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සහරාන් සමඟ ගෙදර දී හමු වූ අවස්ථා තිබෙන බව සාදියා නැමැති සහරාන්ගේ නෝනා ප්රකාශ කර තිබෙනවා.යනුවෙන්ද හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා එහිදී කියා සිටියා.