සෆාරි ජිප් රථය පෙරලි පුද්ගලයෙකු ජිවිතක්ෂයට

November 7, 2021 at 9:08 PM

හබරණ, හුරුළුවැව ජාතික වන උද්‍යානයේදී සංචාරකයින් රැගත් සෆාරි ජීප් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා ඇති බව හබරණ පොලිසිය පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පන්නිපිටියේ පදිංචිකරුවෙක් වන 41 හැදිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ පිරිස දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවත් රෝහල්ගත කළ පුද්ගලයන් අතරට දරුවන් හතර දෙනෙක් ඇතුළත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

සංචාරය සඳහා පැමිණි එම පිරිස උද්‍යානය නරඹමින් සිටියදී අලියකුට බිය වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් අනතුරට මුහුණ දෙන විට සෆාරි ජීප් රථයේ පුද්ගලයන් 11 දෙනෙක් සිට ඇති බව සඳහන්.

එම අනතුරට පත්වූ පුද්ගලයන් පන්නිපිටිය සහ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.