ආන්දෝලනාත්මක චීන පොහොර නෞකාව මේ දිනවල යළිත් කොළඹ වරාය ආසන්නයේ ස්ථානගත කර ඇති බව නෞකා ගමනාගමනය පිලිබඳ වෙබ් අඩවි වාර්තා කරයි.
මෙම පොහොර නෞකාව Hippo Spirit ලෙස නම් කල එකක් බවත් එහි GPS උපකරණ ක්‍රියාවිරහිත කර ඇති බවත් විවිධ තොරතුරු පළවිණි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් චීන තානාපති කාර්‍යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඒ අනුව නෞකාවේ නම වෙනස් කර ඇත්තේ 2020 වසරේදීය.
මීට අමතරව එම නෞකාවේ රැගෙන එන පොහොර සාම්පල මෙරට ශාක නිරෝධායන ඒකකයේ පරීක්ෂාවට ලක්ව ඇත්තේ ජූලි 28 දින වන අතර ඊට පෙර මෙම ගනුදෙනුවට අදාළ කටයුතු අවසන් කර ඇති බවත් එහි සඳහන් වේ.
ලංසු තැබීමට සහ ආනයන බලපත් ලබාගෙන කොන්ත්‍රාත් අත්සන් කිරීමට පෙර එම පරීක්ෂණ සිදුකල යුතුව තිබූ බවද චීන තානාපති කාර්‍යාලය පවසයි.