රටේ ගෑස් මාෆියාව ගැන ලිට්‍රෝ සභාපති කතා කරයි

November 6, 2021 at 8:12 AM

ශ්‍රී ලංකාව තුළ වෙනත් දේවල්වල මාෆියාවන් ක්‍රියාත්මක වනවා සේම ගෑස් වෙළෙඳපොලේ ද ‘මාෆියාවක්’ ක්‍රියාත්මක වන බවත් එක කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳපොල පාලනය කරමින් වෙනත් කිසිවකුට පැමිණීමට නොදෙන බව ‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

එම කණ්ඩායම පසුගිය වසර අවුරුදු 10 ක කාලය තුළ ගෑස් වෙළෙඳපොලේ වෙනත් කිසිවකුට ගෑස් විකිණීට ඉඩ නොදුන් බව පැවසූ ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා එම ඒකාධිකාරිය කවුරු හෝ වෙනස්කිරීමට උත්සහ කළ හොත් එම පුද්ගලයාට හෝ ඒ ආයතනයට එරෙහිව කටයුතු කිරීම ඔවුන්ගේ අභිලාශය බව ද සඳහන් කර සිටියා.

එම කණ්ඩායමට පක්‍ෂය හෝ ආණ්ඩුව අදාල නොවන බවත් රාජ්‍ය ආයනයක් ලෙස ලිට්‍රෝ සමාගමට වැඩ කිරීමට නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ගෑස් නැව වරායට පැමිණ තිබුණට කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට දික්කරන්නේ නැත්නම් ගෑස් දෙන්න නෑ කියලා ඔවුන් තර්ජනය කළ බව පැවසූ සභාපතිවරයා පැවසුවේ එම තත්වය හමුවේ ප්ලාන්ට් එක වසාදැමීම නිසා පසුගිය මස 28 වැනිදා සිට මේ මස 1 වැනිදා දක්වා ගෑස් නිකුත් කිරීමට නොහැකි වූ බවයි.

තර්ජනය සමඟ ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සහ අධක්‍ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසා ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙන තෙක් බලාසිටීමට සිදුවීමෙන් ගෑස් හිඟය ඇති වූ බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ.

‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය අද (5) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කර සිටියා.