බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක ඩ්වේන් බ්රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. මේ වන විට 38 හැවිරිදි වියේ පසුවන බ්රාවෝ වසර 18 කට වැඩි කාලයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළා.
පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවයි ඔහු පවසා ඇත්තේ.
20- 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සමඟ ඊයේ පැවති තරගයේදී වැඩි දක්ෂතා අතරට පැමිණීමට බ්‍රාවෝට හැකියාව ලැබුනේ නැහැ.
ඊයේ පැවති තරගයේදී බ්රාවෝ යැවූ පන්දුවාර 04ට ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 42ක් උදුරා ගැනීමට සමත් වූ අතර වනිඳු හසරංග යැවු පන්දුවකට ඔහු දැවී යන විට රැස්කරගෙන සිටියේ ලකුණු 02ක් පමණයි.