පක්ෂයක ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නොවදේශපාලනය කිරීමෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
“පක්ෂයක කීර්තිය, ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නෙමෙයි. ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියටම කරනවා වගේම ජනතාව අතරත් දේශපාලනයක් කරන්න ඕනේ. ආණ්ඩු බලයෙන් අමාත්‍යාංශවලින් රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලයේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ අපි දේශපාලනයෙන් ඈත්වුණ නිසා කියලයි මම විශ්වාස කරන්නේ. අද ගොවි උද්ඝෝණ වුණත් මෙතරම් බරපතළ විදියට ඇදිලා යන්නේ ඒ අය අතරේ වැඩ නොකළ නිසයි කියලා මම විශ්වාස කරනවා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට යෙදී තිබුණු අතර ඊට එක්වෙමින් පක්ෂ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.
“අභිමානයෙන් සෞභාග්‍යය කරා” මැයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පක්ෂ සංවත්සරය පැවැත්වූ අතර දිවයිනෙන් බැහැරව ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය සුභාශිංසන පුද කර සිටියා. ජනාධිපතිවරයා ගේ පනිවිඩය වීඩියෝ තාක්ෂණය ඔස්සේ විකාශය කෙරුණා.
2016 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පිරිස් එක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර ගනු ලැබුවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පාර්ශ්වද පසුව එම පක්ෂය සමඟ එක් වූ අතර මාස 18ක් වැනි කෙටි කාලයක් තුළ එම නව දේශපාලන පක්ෂය පළාත් පාලන මැතිවරණය විශිෂ්ට ලෙස ජයගැනීමට සමත්වුණා.
පසුව එම පක්ෂය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණ ද ජයගනු ලැබුවා.