භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කර සිටිනවා. එවැනි පසුබිමක මෙවර අයවැයෙන් ජනතාවට සහන හිමිවනු ඇත්දැයි මාධ්‍යවේදීහු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගෙන් විමසා සිටියා.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පළ කළේ මෙවැනි අදහසක්..
මාධ්‍යවේදියා: ඇමතිතුමා මංගල අයවැය ගැන වචන පොඩ්ඩක් වචනයක් අපිට කියලා යන්නකෝ?
අමාත්‍යවරයා: ඒක රහසක් නේ.
මාධ්‍යවේදියා: ජනතාවට මොනවා ද ලැබෙන්නේ?
අමාත්‍යවරයා: ජනතාවට ලැබෙන නෙමෙයි ජනතාවගෙන් ගන්න වෙයි
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයට පත් කිරීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ, රටේ ආර්ථිකය ගොඩනැගිය හැකි එක ම පුද්ගලයා ඔහු බවයි.