ජාතිය නොවෙයි වැදගත්, දක්ෂයින්ට තැන දීමයි සිදුවිය යුත්තේ – ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් (VIDEO)

November 1, 2021 at 1:42 PM

දැන් අපගේ වගකීම වන්නේ, රටේ අනාගත පරපුර ඊළඟ සියවසට සහ ඉන් ඔබ්බටත් වලංගු එක රටක්, එක නීතියක්, එක ජාතියක්, එක කොඩියක් යටතට එකතු කරන්නට සමත් අපට ගැලපෙන නීතිමය රාමුවක් සැකසීම බව “එක රටක් – එක නීතියක්” සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පවසනවා.

ජනාධීපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ “දක්ෂයෝ නම් දෙමළද, සිංහලද, මුස්ලිම්ද අදාල නෑ, ඒ ගොල්ලන්ට අවස්ථාව දීමයි විය යුතු” බවයි.

” රටේ එක් පාර්ශවයකට පමණක් විශේෂ නිතියක් තිබෙන්න බෑ. ඒ වගේමයි එක් එක් ප්‍රදේශවලට නීති වෙනස් වෙන්න බැහැ. අපි මේ සියලු පාර්ශව සමග සාකච්ජා කරලා අපේ අවසන් නිගමනය ජනාධිපතිතුමාට භාර දෙනවා” ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශ කර සිටියා.